ලබන 31 වෙනකන් රට වෙනස් වෙන හැටි මෙන්න

පොලිස් නිළධාරින්ගේ නිවාඩු අවලංගු වෙයි, සුපිරි වෙළඳසැල්වලටත් දැනුම් දීමක් -

අද රාත්‍රී 12 සිට වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. මෙම නියෝගය ලබන 31 වනදා දක්වා වලංගු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.කෙසේ වෙතත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට එම සංචරණ සීමා කාලසීමාව අවසන් වනතුරු ප්‍රදේශයේ රැඳී සිටීමට අවසර හිමිවනු ඇති.

අද දින මධ්‍යම රාත්‍රී 12 සිට සංචාරණ සීමා පැනවෙන්නේ අත්‍යාවශ්‍ය ගමන් හැර විනෝද ගමන් සහ වෙනත් ගමනා ගමනය වැලක්වීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර පළාත් අතර සංචරණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකෙරෙන අතර අදාළ පළාත් සීමාවන්හි ඇති මාර්ග බාධකවලදී රථවාහන පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

එසේම සංචාරක හෝටල්වල වෙනත් පළාත්වලින් පැමිණෙන පුද්ගලයන් රඳවාගතහොත් අදාළ හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා වෙනත් පළාත්වලින් පැමිණ නවාතැන්ගෙන සිටින පුද්ගලයන් එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට සහ පොලිස් ස්ථානයට ඒ බව පූර්ව දැනුම්දීමක් සිදුකළ යුතු වනවා.

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පළාත් අතර ගමන් කරන පුද්ගලයන් තම රාජකාරී හැඳුනුම්පත භාවිත කර එම ගමන් සිදුකර හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.එමෙන්ම සුපිරි වෙළඳසැල් ඇතුළු අනෙකුත් ව්‍යාපාරික ස්ථානවල අදාළ පූර්ණ ධාරිතාවයෙන් සියයට 25 ඉක්මවා ඇති බව යම් අවස්ථාවක හැඟී ගියහොත් අදාල ව්‍යාපාරික ස්ථානයේ, කාර්යාලයේ ප්‍රධානීන් ඇතුළු අතිරේකව රැඳී සිටින්නන්ට නිරෝධායන නීති අනුව නඩු පැවරීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12


?