පොලිස් නිලධාරින් සිව්දෙනෙකුගේ වැඩ තහනම්

යාපනය – චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ අනතුරකින් පසුව සිදු කළ පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයකින් අනතුරුව මෙම නිලධාරීන්ගේ වැඩ තහනමකට ලක් කර ඇති බවයි.

පසුගියදා (09) චුන්නාකම් ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුවීමෙන් පසුව රිය අනතුර සිදු කළ තැනැත්තා පලා ගොස් තිබෙනවා.

සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරින් සැකකරු අත් අඩංගුවට ගැනීමට ලුහුබැඳ ඇති අතර; කෙසේ හෝ අදාළ සැකකරු අත් අඩංගුවට ගැනීමට සැරසීමේ දී ප්‍රදේශවාසීන් එක්ව රාජකාරියට බාධා කර ඇත්තේ සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් හට අනතුර කළ තැනැත්තා අත්අඩංගුවට ගැනීමේ නීතිමය බලයක් නොමැති බව සඳහන් කරමින් බවටයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයක දී පොලිස් නිලධාරීන් පහර දුන් බව පවසමින් කාන්තවක් ඇතුළු පිරිසක් චුන්නාකම් පොලීසියට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

ඉන් අනතුරුව යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩයමක් යොදවා සිදු කරන ලද පරික්ෂණයකින් අනතුරුව මෙලෙස පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

වැඩ තහනමට ලක් ව ඇත්තේ චුන්නාකම් පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?