වර්තමානයේ පොලිසියේ සමහර ක්‍රියාකාරකම් දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් සමහර විමර්ශන දේශපාලන හා මාධ්‍ය සංදර්ශන බවට පත් කර ඇති බවත් පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
සජිත ප්‍රේමදාස විසින් සිය යූ ටියුබ් නාලිකාවේ වීඩියෝවක් පළ කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
මහජන නියෝජිතයක් ලෙස ජගත් විතානට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තම සේවාව ඉටු කිරීම, මේ ප්‍රකාශ නිසා දැඩි අභියෝගයට ලක් ව ඇති බවත් ජගත් විතානගේ පුරවැසි වරප්‍රසාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් ලෙස වරප්‍රසා ද පොලිස්පතිවරයාගේ වැරදි ප්‍රකාශ නිසා උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.




