පේසාලේ 04 වන කොටස ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙක් ඊයේ (15) දින සවස් කාලයේ දියේ ගිලී ඇති අතර අනතුර දුටු එම ස්ථානයේ සිටි පිරිසක් විසින් තිදෙනෙක් දියෙන් ගොඩ ගෙන මන්නාරම රෝහලට අතුලත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
එක් අයෙක් දියේ ගිලීමෙන් අතුරදන්වී ඇති අතර එම අතුරුදන් වූ පුද්ගලයාගේ නිසල සිරුරද අද (16) පෙරවරුවේ හමුවූ බව පොලිසිය සඳහන් කළා.
මරණකරුවන් වයස අවුරුදු 16 සහ 17 යන වයස් සීමාවන්වල පසුවන පේසාලේ ප්‍රදේශෙයේ පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
2
+1



