පේරාදෙණි සරසවි සිසුන්ට පහරදුන් සිව්දෙනා රිමාන්ඩ් කෙරේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් ඊයේ (15) පේරාදෙණිය වැලිහිරිය ප්‍රදේශයේ පිහිටි ඔයක දිය නෑමට ගොස් ඇති අතර, එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් සමඟ ඇති වූ ආරවුලකදී විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට පහරදීමක් සිදුව තිබෙනවා.

එලෙස පහර කෑමට ලක් වූ සිසුන් සිව් දෙනෙක් මේ වන විට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානය විසින් සිදුකර ගෙන යන විමර්ශනයට අදාළව ඊයේ (16) දිනයේදී මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් කිරිබත්කුඹුර ප්‍රදේශයේදී සහ අද (16) දින තවත් සැකකරුවෙක් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 30 හා 31 වයස්වල පසුවන අස්ගිරිය, ගොතටුව සහ මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීය සඳහන් කළේ.

සැකකරුවන් සිව්දෙනා අද (16) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?