පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහරදුන් සිසුන් යළි රිමාන්ඩ්

පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකාර සිසුන් 12 දෙනා ලබන ජනවාරි මස 4 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ද අත්අඩංගුවට ගන්නා ලෙසටයි අධිකරණ නියෝග කර ඇත්තේ.

මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයායි මෙම නියෝගය ලබාදුන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ මූලික විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බව අධිකරණයට දන්වා සිටි අතර පොදු දේපළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කර තිබු බව සඳහන්.

අද සිසුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා හිටපු උපකුලපතිවරයා, ඔහුගේ පුත් විදුර සේනාරත්න ඇතුළු හය දෙනෙකු ඉදිරිපත්ව සිටියා.

හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී මහචාර්ය අතුල සේනාරත්න මහතා සිසුන් 06 දෙනෙකු හඳුනා ගත් බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පේරාදෙණිය පොලිසිය විසින් සිදු කරන ලද අතර පසුව එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යටතට පත් කරනු ලැබුවා.

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ සිසුන් කලා හා විද්‍යා පීඨවල අධ්‍යාපනය ලබන අතර ඔවුන් සියලු දෙනාගේ ශිෂ්‍යභාවය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?