පෙරහැරට ගෙනා අලියාගේ ප්‍රහාරයෙන් පාසල් සිසුවෙක් මරුට (වීඩියෝ)

පනාමුර ප්‍රදේශයේදී අලියෙකුගේ පහරදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පනාමුර කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර වෙනුවෙන් රැගෙන විත් විහාරස්ථානයේ බැඳ දමා සිටි අලියෙකු මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ගල්අමුණ ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවෙක්. ඔහු අද දහවල් කිසිවෙකුට නොදන්වා අලියා බැඳ දමා සිටි ස්ථානයට ගොස් ඇති අතර එහිදී අලියා පහරදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක ඇතුළත් කළ සිසුවා බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් පැයක පමණ කාලයක් දැඩි වෙහෙසක් ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නමුත් අවාසනාවන්ත ලෙස සවස 3.30ට පමණ එම සිසුවා හදිසි ප්‍රතිකාර ඒකකයේ දී මිය ගොස් තිබෙනවා.

විහාරස්ථානය අසලදී මෙම පහරදීම පස්වරු 2ට පමණ සිදු වී ඇති අතර පහරදුන් අලියා පල්ලෙබැද්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් අලියෙකු බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

අලියා බැඳ තිබූ ස්ථානය කම්බි ගසා වට කර ඇති අතර විහාරස්ථානය දෙසින් පමණක් එම ස්ථානයට ඇතුළුවීමට හැකි බව සඳහන්.

එම ස්ථානයෙන් මෙම සිසුවා අලියා අසලටම ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධියෙන් පසු අද දිනයේ දී පෙරහර සඳහා අවට පාසල්වලින් පැමිණි නැටුම් කණ්ඩායම් කීපයක් ම ආපසු හැරී ගොස් ඇති අතර අද පස්වරුවේ පෙරහැර පැවැත්වීමට ද සූදානම් කර ඇති අයුරු ද දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු කියාසිටියේ.

අලියා භාරව සිටි ඇත් ගොව්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පනාමුර පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
15
+1
7
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?