පෙරහැරට ගෙනා අලියාගේ ප්‍රහාරයෙන් පාසල් සිසුවෙක් මරුට (වීඩියෝ)

පනාමුර ප්‍රදේශයේදී අලියෙකුගේ පහරදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පනාමුර කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර වෙනුවෙන් රැගෙන විත් විහාරස්ථානයේ බැඳ දමා සිටි අලියෙකු මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ගල්අමුණ ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවෙක්. ඔහු අද දහවල් කිසිවෙකුට නොදන්වා අලියා බැඳ දමා සිටි ස්ථානයට ගොස් ඇති අතර එහිදී අලියා පහරදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක ඇතුළත් කළ සිසුවා බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් පැයක පමණ කාලයක් දැඩි වෙහෙසක් ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නමුත් අවාසනාවන්ත ලෙස සවස 3.30ට පමණ එම සිසුවා හදිසි ප්‍රතිකාර ඒකකයේ දී මිය ගොස් තිබෙනවා.

විහාරස්ථානය අසලදී මෙම පහරදීම පස්වරු 2ට පමණ සිදු වී ඇති අතර පහරදුන් අලියා පල්ලෙබැද්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් අලියෙකු බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

අලියා බැඳ තිබූ ස්ථානය කම්බි ගසා වට කර ඇති අතර විහාරස්ථානය දෙසින් පමණක් එම ස්ථානයට ඇතුළුවීමට හැකි බව සඳහන්.

එම ස්ථානයෙන් මෙම සිසුවා අලියා අසලටම ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධියෙන් පසු අද දිනයේ දී පෙරහර සඳහා අවට පාසල්වලින් පැමිණි නැටුම් කණ්ඩායම් කීපයක් ම ආපසු හැරී ගොස් ඇති අතර අද පස්වරුවේ පෙරහැර පැවැත්වීමට ද සූදානම් කර ඇති අයුරු ද දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු කියාසිටියේ.

අලියා භාරව සිටි ඇත් ගොව්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පනාමුර පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14