පෙම්වතියගේ පැරණි පෙම්වතා මහ මඟදී අලුත් පෙම්වතාව ඝාතනය කරලා

පුද්ගලයින් දෙදෙනෙකු විසින් පෙරේදා (02) සවස ඉන්දියාවේ මුම්බායි මාර්ගය දී 19 හැවිරිදි ශිෂ්‍යයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

චුනාභට්ටි පොලිසිය දන්වා සිටියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ චෙම්බූර් ප්‍රදේශයේ පදිංචි මුක්තාර් ෂෙයික් නමැති ශිෂ්‍යයෙක් බවයි.

බරපතළ තුවාල ලැබූ සිසුවා ළඟම ඇති රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

අදාළ සිසුවා සවස නිවස බලා යමින් සිටින අතර තුර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති අතර, මෙම සිද්ධියට ප්‍රේම සම්බන්ධයක් මුල් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක්වූ ශිෂ්‍යයා සමඟ සම්බන්ධතාවක් පවතවාගෙන ගිය සිසුවියකගේ පැරණි පෙම්වතා මිතුරෙකු සමඟ එක්ව මෙම අපරාධය සිදුකර ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

අපරාධය සිදුකළ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි ආදිත්‍ය ත්‍රිභුවන් සහ ඔහුගේ මිතුරා වන කල්ෆාම් සයියාඩ් 20 හැවිරිදි තරුණයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10