spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙම්වතියගේ පැරණි පෙම්වතා මහ මඟදී අලුත් පෙම්වතාව ඝාතනය කරලා

පුද්ගලයින් දෙදෙනෙකු විසින් පෙරේදා (02) සවස ඉන්දියාවේ මුම්බායි මාර්ගය දී 19 හැවිරිදි ශිෂ්‍යයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

චුනාභට්ටි පොලිසිය දන්වා සිටියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ චෙම්බූර් ප්‍රදේශයේ පදිංචි මුක්තාර් ෂෙයික් නමැති ශිෂ්‍යයෙක් බවයි.

බරපතළ තුවාල ලැබූ සිසුවා ළඟම ඇති රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

අදාළ සිසුවා සවස නිවස බලා යමින් සිටින අතර තුර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති අතර, මෙම සිද්ධියට ප්‍රේම සම්බන්ධයක් මුල් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක්වූ ශිෂ්‍යයා සමඟ සම්බන්ධතාවක් පවතවාගෙන ගිය සිසුවියකගේ පැරණි පෙම්වතා මිතුරෙකු සමඟ එක්ව මෙම අපරාධය සිදුකර ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

අපරාධය සිදුකළ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි ආදිත්‍ය ත්‍රිභුවන් සහ ඔහුගේ මිතුරා වන කල්ෆාම් සයියාඩ් 20 හැවිරිදි තරුණයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?