Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වැඩිවුණු ලාෆ්ස් ගෑස් මිල අද හවසට අඩුවෙන ලකුණු (වීඩියෝ)

ලාෆ්ස් ගෑස් මිල පහත දැමීම සම්බන්ධයෙන් අද (16) පස්වරුව වන විට නිවේදනයක් නිකුත් කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරියෙක් සඳහන් කළා.

එම සමාගමේ නිලධාරීන් කණ්ඩායමක්, අද (16) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියර පැමිණි අවස්ථාවේදී, එම ස්ථානයට විරෝධතාවයක් දැක්වීම සඳහා පැමිණ සිටි ජනතාවට අදහස් දක්වමින් එම නිලධාරියා මේ බව සඳහන් කළා.

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් අද (16) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණ තිබුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කළ තිබූ දැනුම්දීමකට අනුවයි.

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එම සමාගමේ නිලධාරීන්ව මෙලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව, අද (16) පෙරවරු 10ට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයන් පිරිසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණියා.

පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 2,720ක්.