පෙබරවාරි මාසයේ මේ දක්වා සංචාරකයන් 54,000ක්

පෙබරවාරි මාසයේ මේ දක්වා සංචාරකයින් 54,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය නිකුත් කළ දත්තවලට අනුව පෙබරවාරි මස මුල් සතියේ පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 54,685ක්.

මෙම මාසයේ ගතවූ දින කිහිපයේ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන්. මේ දක්වා රුසියානු ජාතිකයින් 14,145 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

මේ අතර, ඉන්දියාවෙන් සංචාරකයින් 6,825ක්, එක්සත් රාජධානියෙන් 4,721ක්, ජර්මනියෙන් 3,881ක් සහ ප්‍රංශයෙන් 3,510ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි අධිකාරිය කියාසිටියේ.

ජනවාරි මාසයේදී සංචාරකයින් 102,545ක් පැමිණ තිබෙනවා. මෙය 2022 මාර්තු මාසයෙන් පසු මාසයක වැඩිම සංචාරක පැමිණීම් සංඛ්‍යාව යි.

2022 වසරේ පෙබරවාරි මාසයේදී සංචාරකයින් 96,507ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර 2022 දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 719,978ක්.

ආර්ථික අර්බුදය, විරෝධතා සහ වෙනත් බාහිර සාධක හේතුවෙන් පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට සංචාරක පැමිණීම් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, නව පාලනයක් පත් කිරීමෙන් පසු, පසුගිය කාර්තුවේදී සංචාරක පැමිණීම් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34