AFC Banner
AFC Banner
Empty Ad

පෙට්‍රල් ගන්න ඉදිරි දින 03 තුළ පෝලිම්වලට එක් වෙන්න එපා – බලශක්ති ඇමති

පෙට්‍රල් ලබාගැනීම වෙනුවෙන් ඉදිරි දින තුන තුළ අනවශ්‍ය ආකාරයෙන් ඉන්ධන පෝලිම් වෙත එක් නොවන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉදිරි දින තුන, හතර තුළ පෙට්‍රල් ලබාගැනීමේ දී අත්‍යවශ්‍ය අංශ සඳහා වැඩි අවස්ථාවක් සලසා දෙන ලෙසයි අමාත්‍යවරයා ඒ අනුව ඉල්ලා සිටින්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ ලැබෙන ඩීසල් තොග කළමනාකරණය කරමින් ලබාගැනීමට ඉදිරිපත්වන ලෙස මහජනතාවට අමාත්‍යවරයා දැනුම් දෙනවා.

මේ අතර ඉන්ධන බෙදාහැරීම ලබන 23 වනදා සිට යතා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙඩි අනාවරණය වුණේ.

එමෙන්ම ලබන 23 වනදා පෙට්‍රල් සහ 24 වනදා ඩීසල් නැවක් ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 90ක ණයවර ලිපි නිකුත් කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?