පුතා ඉන්දියාවට ක්‍රිකට් ගහද්දී නගරයේ තැනින් තැන ගොස් ගෑස් බෙදන පියාගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ වනවිට සර්ථක ක්‍රීඩකයෙක් බවට පත්ව සිටින ඉන්දීය පිතිකරු රින්කු සිංගේ පියා ගෑස් සිලින්ඩර බෙදාහරින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට ඉන්දීය සමාජ මාධ්‍ය පුරා සංසරණය වනවා.

ඔහුගේ පියා වන ඛාන්චන්ද් සිං විසින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලිගාර් නගරයේ කුඩා ට්‍රක් රථයකින් මෙලෙස ගෑස් සිලින්ඩර බෙදාහරින ආකාරය එහි දැක්වෙනවා.

තම පුත්‍රයා ලෝකයේ සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වී ඇති මොහොතක මොහු විසින් මෙලෙස නගරයේ තැනින් තැනට ගොස් ගෑස් සිලින්ඩර පැටවීම සහ බෑම සිදුකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විමතියට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රින්කු සිං පවසා ඇත්තේ, ගෑස් සිලින්ඩර් බෙදාහැරීමේ රැකියාව සිදුනොකර ජීවත්වීමට හැකි තත්ත්වයක් මේ වනවිට තම පවුල තුළ ඇතිව තිබීම හේතුවෙන් එම රැකියාවෙන් විවේක ගන්නා ලෙස තමන් පියාට පැවසූ බවයි.

නමුත් කලින් සිටම සිදුකරගෙන ආ එම රැකියාවට ආදරය කිරීම හේතුවෙන් එය අත්හැරීමට හිත නොදෙන බව එහිදී පියා පැවසූ බවයි රින්කු සිං වැඩිදුරටත් පවසා ඇත්තේ.

යමෙකු තම ජීවිත කාලය පුරාම වැඩ කර ඇත්නම්, ඔහුට තවත් එය සිදුකිරීමට අවශ්‍ය නම් එය නැවත්වීමට යැයි පැවසීම අපහසු කටයුත්තක් බව රින්කු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
5
+1
4
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?