පුතා ඉන්දියාවට ක්‍රිකට් ගහද්දී නගරයේ තැනින් තැන ගොස් ගෑස් බෙදන පියාගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ වනවිට සර්ථක ක්‍රීඩකයෙක් බවට පත්ව සිටින ඉන්දීය පිතිකරු රින්කු සිංගේ පියා ගෑස් සිලින්ඩර බෙදාහරින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට ඉන්දීය සමාජ මාධ්‍ය පුරා සංසරණය වනවා.

ඔහුගේ පියා වන ඛාන්චන්ද් සිං විසින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලිගාර් නගරයේ කුඩා ට්‍රක් රථයකින් මෙලෙස ගෑස් සිලින්ඩර බෙදාහරින ආකාරය එහි දැක්වෙනවා.

තම පුත්‍රයා ලෝකයේ සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වී ඇති මොහොතක මොහු විසින් මෙලෙස නගරයේ තැනින් තැනට ගොස් ගෑස් සිලින්ඩර පැටවීම සහ බෑම සිදුකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විමතියට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රින්කු සිං පවසා ඇත්තේ, ගෑස් සිලින්ඩර් බෙදාහැරීමේ රැකියාව සිදුනොකර ජීවත්වීමට හැකි තත්ත්වයක් මේ වනවිට තම පවුල තුළ ඇතිව තිබීම හේතුවෙන් එම රැකියාවෙන් විවේක ගන්නා ලෙස තමන් පියාට පැවසූ බවයි.

නමුත් කලින් සිටම සිදුකරගෙන ආ එම රැකියාවට ආදරය කිරීම හේතුවෙන් එය අත්හැරීමට හිත නොදෙන බව එහිදී පියා පැවසූ බවයි රින්කු සිං වැඩිදුරටත් පවසා ඇත්තේ.

යමෙකු තම ජීවිත කාලය පුරාම වැඩ කර ඇත්නම්, ඔහුට තවත් එය සිදුකිරීමට අවශ්‍ය නම් එය නැවත්වීමට යැයි පැවසීම අපහසු කටයුත්තක් බව රින්කු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40