පීඩන අවපාතය ලංකාවට ලංවෙයි – කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

ගිනිකොන දිග සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව ගිණිකොණ දෙසින් අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 85.3°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එය අද (31) සවස දක්වා ක්‍රමයෙන් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර පසුව දකුණට බරව නිරිත දෙසට හැරී හෙට (01) පෙරවරුවේ දී ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ පවතින බව සඳහන්.

ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

නැගෙනහිර, ඌව, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (50-60) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2029 ජනාධිපති විමල් වීරවංශ..?
10:21
Video thumbnail
ප්‍රභාගේ ගෙදර හදලා නැගණියට දෙන්න යන්නේ ?..සජබයට සටන තියෙන්නේ නාමල් එක්ක
02:50
Video thumbnail
ප්‍රසාද් සර් කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:55
Video thumbnail
ලාල් කාන්තගෙන් නාමල්ටයි ශිරන්තිටයි සැර කතාවක්.."රැලි ආවොත් වෙරළේ වැදිලා ආයේ යනවා"
04:19
Video thumbnail
මේ පාර රණවිරුවන් හඳුන්වලා දුන්නේ දිට්වා ගැන කියලා..ලබා ගත්ත නිදහස ගැන මෙයාලට වටිනාකමක් නැහැ
07:05
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15


?