AFC Banner
AFC Banner
Empty Ad

පිරමීඩ පෙන්වා මුදල් ගැරූ අඹු – සැමි දෙපොළගේ ඇප ප්‍රතික්ෂේපයි

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය” එරාමිරකල් ජෙනිසිස්” නමැති නිත්‍යනුකූල නොවන පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් හරහා තැන්පත්කරුවන් 3000කට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 1000ට අධික මුදලක් ලබාගෙන වංචා කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයාට සහ ඔහුගේ බිරිඳට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඔවුන් පෙබරවාරි මස 13 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (30) නියෝග කළා.

එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ (55) සහ ඔහුගේ බිරිය වන ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර අඹු සැමි යුවළ එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වුණා.

එම ආයතනයට එරෙහිව නව පැමිණිලි 1910ක් සහ නව බැංකු ගිණුම් 65ක් පිළිබඳ ව තොරතුරු ලැබී ඇති බව සහ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමට තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළව අගතියට පත් පාර්ශ්වයන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව එම සියලුම තැන්පත්කරුවන්ට අලාභයක් සිදු වී ඇති බව ද මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී තවත් සැකකාර අධ්‍යක්ෂකවරුන් 14 දෙනකු හඳුනාගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සැකකාර අධ්‍යක්ෂවරයා හා ඔහුගේ බිරිඳ තවදුරටත් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත ඇල්ලු පොලිස් මෙහෙයුම - “සර් දෙහිවලින් මිසින් දැන් හයිවේ එකට දාලා"
Video thumbnail
සෝදිසි කරන්නේ නැතුව නිදහස් කළ කන්ටේනර් ආණ්ඩුවේ යාළුවන්ගේ..?
06:56
Video thumbnail
අධිකරණයට පැමිණි ලොහාන් රත්වත්තේ - සද්දේ දාපු අයගේ හුළං බැහලා
01:10
Video thumbnail
"සුවසැරිය” ගිලන් රථ සේවාව ලොකු වෙනසක් - නලින්ද ජයතිස්ස හදීසියේ ගිය තැන
01:17
Video thumbnail
අන්තරේ සෙට් එක මුදල් අමාත්‍යංශයට යයි
03:48
Video thumbnail
අපි පැරදුණු දේශපාලඥයෝ - අපි ගැන වද වෙන්න එපා
08:45
Video thumbnail
විපක්ෂය පව්.. කමක් නෑ...එයාලට හාල් - පොල් - ලුණු ප්‍රශ්න
03:34
Video thumbnail
අපි පැරදුණේ නෑ - අපි රටට ඇත්ත කිව්වා
02:44
Video thumbnail
සිරිසේනලාට සිරිපාලලාට ඕනි විදියට රටේ මිනිස්සු බත් කන්න ඕනි නෑනේ - ඔබතුමා මේ රටේ දැන් ජනාධිපති
11:44
Video thumbnail
නලින්ද ජයතිස්සගෙන් පොරොන්දුවක්
02:18

?