පිරමීඩ පෙන්වා මුදල් ගැරූ අඹු – සැමි දෙපොළගේ ඇප ප්‍රතික්ෂේපයි

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය” එරාමිරකල් ජෙනිසිස්” නමැති නිත්‍යනුකූල නොවන පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් හරහා තැන්පත්කරුවන් 3000කට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 1000ට අධික මුදලක් ලබාගෙන වංචා කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයාට සහ ඔහුගේ බිරිඳට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඔවුන් පෙබරවාරි මස 13 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (30) නියෝග කළා.

එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ (55) සහ ඔහුගේ බිරිය වන ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර අඹු සැමි යුවළ එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වුණා.

එම ආයතනයට එරෙහිව නව පැමිණිලි 1910ක් සහ නව බැංකු ගිණුම් 65ක් පිළිබඳ ව තොරතුරු ලැබී ඇති බව සහ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමට තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළව අගතියට පත් පාර්ශ්වයන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව එම සියලුම තැන්පත්කරුවන්ට අලාභයක් සිදු වී ඇති බව ද මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී තවත් සැකකාර අධ්‍යක්ෂකවරුන් 14 දෙනකු හඳුනාගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සැකකාර අධ්‍යක්ෂවරයා හා ඔහුගේ බිරිඳ තවදුරටත් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39