Indian Premier League

පියුමිගේ නමට ලියාපදිංචිකර ඇති සුපිරි රියක් මත් ජාවාරමට ඇල්ලූ ව්‍යාපාරිකයාගේ ගෙදර

කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නාවල ප්‍රදේශයේ පිහිටි නිවසේ ගරාජයේ තිබී සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් මෙලෙස සොයාගෙන ඇති බවයි.

මෙලෙස සොයාගත් මෝටර් රථය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම වසර මුල දී කුෂ්‍ මත්ද්‍රව්‍ය කිලෝ 05ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර ලබාගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ මෙම සැකකාර ව්‍යාපාරිකයා පොලිසිය මඟ හරිමින් සැඟව සිටිය දී නාරහේන්පිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක් සැකකරු විසින් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
60
+1
7
+1
3
+1
4
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?