QR කේතය අද මධ්‍යම රාත්‍රියේ යාවත්කාලීන වෙයි – තෙල් මිලත් ඉහළ යෑමේ වැඩි ඉඩක්

ඉන්ධන නිකුත් කිරීමට අදාළ QR කේතය අද (21) මධ්‍යම රාත්‍රියෙන් පසු යාවත්කාලීන කෙරෙනවා.

ඒ, අනුව ඉරිදා දිනයේ සිට ඉදිරි සතිය සඳහා යාවත්කාලීන කෙරුණු QR කේතය යටතේ ඉන්ධන ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතිනවා.

අද (21) දිනයේ දී ඉන්ධන පිරවුම්හල් මඟින් වාහන අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ අගයන් සඳහන් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනවා.

මේ අතර අද (21) දිනයේ දී ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සිදුනොකරන බවයි ඛනිජ තෙල් සංස්ථාව නීතිගත පැවසුවේ.

කෙසේ වෙතත් යම් ඉන්ධන පිරවුම්හලකින් ඇනවුමක් ලැබුණ හොත් එම ඇනවුම් සඳහා ඉන්ධන බෙදාහැරීමට නියමිත බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමේ වැඩි අවස්ථාවක් පවතින බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

ඔහු පැවසුවේ අද (21) දිනයේ දී හෝ හෙට (22) රජය විසින් ඉන්ධන මිල ඉහළ දමනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47