පියුමිගේ නමට ලියාපදිංචිකර ඇති සුපිරි රියක් මත් ජාවාරමට ඇල්ලූ ව්‍යාපාරිකයාගේ ගෙදර

කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නාවල ප්‍රදේශයේ පිහිටි නිවසේ ගරාජයේ තිබී සුඛෝපභෝගී මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් මෙලෙස සොයාගෙන ඇති බවයි.

මෙලෙස සොයාගත් මෝටර් රථය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම වසර මුල දී කුෂ්‍ මත්ද්‍රව්‍ය කිලෝ 05ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර ලබාගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ මෙම සැකකාර ව්‍යාපාරිකයා පොලිසිය මඟ හරිමින් සැඟව සිටිය දී නාරහේන්පිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක් සැකකරු විසින් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
60
+1
7
+1
3
+1
4
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32