නලින්ද ජයතිස්ස යැයි පවසා රෝද පුටුවකට ආධාර ලබාගත් අයෙක් රිමාන්ඩ්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නම ව්‍යාජ ලෙස භාවිතා කර බැංකු ගිණුම් සාදා හාමුදුරුනමකට රෝද පුටුවක් ලබා දෙන බව පවසා ආධාර මුදල් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුට ගත් සැකකරුවෙක් ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (27) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිට නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සැකකරු විදේශගතව සිට ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පිළිමතලාව පදිංචි හෙට්ටිආරච්චිගේ සුදේශ් නලින්ද අල්විස් නමැති අයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව අධිකරණයෙන් මෙලෙස නියෝග කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නම ව්‍යාජව භාවිතා කරමින් බැංකු ගිණුම් සාදා හාමුදුරු නමකට රෝද පුටුවක් ලබා දෙන බවට පවසා බොහෝ ජනතාවගෙන් ආධාර මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවය.

සිද්ධියට අදාළව මේ වන විට රුපියල් තිස් අටදාහක මුදලක් බැංකු ගිණුමක තිබී අනාවරණය වූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන බවද විමර්ශන නිලධාරීව අධිකරණයට කරුණු දැක්වීය.

මෙම සිද්ධිය පමණක් නොව වෛද්‍යවරුන්ගේ හෙදියන්ගේ, ආදී සමාජයේ වැදගත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් ආධාර මුදල් ව්‍යාජ ලෙස ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේශාත්වරයා වහාම විමර්ශනයක් පවත්වා අනෙක් සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08