යුගයක් උමතු කළ සුන්දර කටහඬක් වේ නම් ඒ චන්දන ලියනාරච්චිගේ හඬයි.ඒ හඬට පෙම් නොබැඳි රසිකයෙක් නොමැති තරම්.එදා මෙන්ම අදත් ඒ ජනප්‍රියත්වය එලෙසින්ම පවත්වා ගනිමින්,ඔහු සංගීත ක්ෂේත්රයේ ඉහළම තරු අතරත් ඉහළින්ම පායන තාරකාවක්.ඔහුගේ හඬටම පණ පෙවෙන සුන්දර ගී පදයන් අදත් ඔහුටම ආවේණිකයි.ඉතිං මේ සුන්දර ගායකයාව අද අපි කතාබහකට සම්බන්ධ කරගත්තේ හරිම ආදරයෙන්..
ආයුබෝවන් චන්දන!
ආයුබෝවන්!!
චන්දන කොහොමද මේ දවස් වල?
හොඳින් ඉන්නවා නංගි,ඒ අතරම කලා කටයුතුත් කරගෙන යනවා.කොවිඩ් තත්ත්වය වගේම ඊට පස්සේ ආපු අර්බුදකාරී තත්ත්වයත් එක්ක අපේ එළිමහන් ප්‍රසංග කටයුතු නැවතුනා.මගේ කලා ජීවිතය ගත්තම ප්‍රසංග කීපයකට පහුගිය ටිකේ සහභාගි වුණා.පහුගිය කාලේ අලුත් නිර්මාණ කීපයක්ම කලා.ඉදිරියේදී අලුත් නිර්මාණ කරන්නට සහ නිර්මාණ වලට ඇරැයුම් ලැබිලා තියෙනවා.ඉදිරියට විදේශ සංචාර කීපයකටත් සම්බන්ධ වෙන්න තියෙනවා.ඒ විදිහට තමයි කලා ජීවිතය කරගෙන යන්නෙ..
අපි පොඩි කාලේ දකිනකොටත් චන්දන ලියනාරච්චි තරුණයි,අපි දැන් දකිනකොටත් කිසිම වෙනසක් නෑ.ඒ කටහඬ තාම ඒ විදියමයි.මොකක්ද මේ තරුණකමේ සහ නොවෙනස් වෙන ආදරණීය කටහඬේ රහස?
ඇත්තටම කලාකරුවෙක් කියලා කියන්නේ කලාවත් එක්ක ජීවත් වෙන කෙනෙක්.ඉතින් කලාකරුවා කියන කෙනා සුන්දර කෙනෙක් වෙන්න ඕන.මගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මම ගොඩක් බර ඔලුවෙ තියන් ඉන්න කෙනෙක් නෙමෙයි.මම ගොඩක්ම සරල කෙනෙක්.මම සාමාන්‍ය විදියට ජීවත් වෙන්නේ,සාමාන්‍ය විදිහට හිතන්නේ,සාමාන්‍ය අයත් එක්ක ඉන්නේ.ඒක තමයි මගේ එදිනෙදා ජීවිතය.ජීවිතේ ඕනම කෙනෙක්ට ප්‍රශ්න තියෙනවා තමයි.ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකෙ නෑ.මම විශ්වාස කරනවා මොනතරම් ප්‍රශ්න තිබ්බත් ජීවිතය විඳින්න ඕන.මම කතෝලිකයෙක් හැටියට විශ්වාස කරනවා,දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා ගොඩක් වටිනා ජීවිතයක්.උන් වහන්සේට ස්තූති කරමින් අපි මේ ජීවිතය තුල ලස්සනට ජීවත් වෙන්න ඕන.ඉතින් සතුටින් ඉන්න කොට වයස ගැන හිතෙන්නෙ නෑ.
චන්දන ලියනාරච්චිගේ ගීත අතරින් ප්‍රසිද්ධ වුන පළවෙනිම ගීතය මතකද?
ඇත්තටම මුලින්ම ගීත දෙකක් කරා යොවුන් නිකේතනයේ ඉන්න කාලෙදී යොවුන් ගී 43 කැසට් එකට.ඊට පස්සෙ සිහින කුමාරියේ කැසට් එකට ගීත කලා.ඒකෙ පොල්රුප්පාවේ ගීතය තමයි මුලින්ම ජනප්‍රිය වුණේ.
ඔබ කාලයක් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටිය කෙනෙක්.ජනප්‍රියත්වය කියන දේ ගැන මොකද හිතෙන්නේ?
ජනප්‍රියත්වය කියන දේ මම විශ්වාස කරන්නේ නැහැ මොකද ජනප්‍රියත්වය කියන එක වෙනස් වෙනවා.ජනප්‍රියත්වය කියන දේ කලින් කලට කෙනාගෙන් කෙනාට යන දෙයක්.හැමදාම කෙනෙක්ටම ජනප්‍රියත්වය තියාගෙන ඉන්න බැහැ.ජනප්‍රියත්වයට වඩා අපි පැවැත්මයි හදාගන්න ඕන.රසිකයන්ට හොඳ නිර්මාණ කරලා රසිකයන්ගේ ආදරය දිනාගෙන ක්ෂේත්රයේ රැඳෙන්න නම් අපිට හොඳ පැවැත්මක් තියෙන්න ඕන.පැවැත්ම තීරණය වෙන්නේ නිර්මාණ බිහි කිරීම තුළ.ඒ පැවැත්ම තියෙන කලාකරුවෙක්ට ජනප්‍රියත්වය හඹා යන්න අවශ්‍ය නැහැ.තමන්ගේ තැන රැක රැකගෙන ඉන්න එක ගැන තමයි කලාකරුවෙක් හිතන්න ඕන.
චන්දන ලියනාරච්චි ගෙන් මේ තියෙන තාරුණ්‍යට,අපේ වචනයෙන් කිව්වොත් ට්‍රෙන්ඩ් එකට හරියන ගීතයක් එළිදැක්වෙන්නේ නැද්ද?
ඇත්තටම මම කලින් කලට යම් යම් නිර්මාණ කළා.පහුගිය කාලේ පුරාවටම මම නිර්මාණය කළේ සුභාවිත ගීත.ට්‍රෙන්ඩ් එකේ යන නිර්මාණ ගැන කතා කළොත්,මට නිර්මාණයක් එනකොට මම ඒකෙ ගී පද ගැන විශේෂයෙන් බලනවා.සංගීත රටාව මට ගැළපෙන විදියෙ එකක් නම් මම ඒක සලකලා බලනවා.ට්‍රෙන්ඩ් එකත් එක්ක මට ගැලපෙන විදියේ දෙයක් තියෙනවනම් මම ඒක කරන්න බලනවා ඉදිරියට.එහෙම අදහසක් තියෙනවා.
ඔබ ඒ කාලෙත් සංගීත ක්ෂේත්රයේ හිටිය කෙනෙක්,ඔබ දැනුත් සංගීත ක්ෂේත්රයේම ඉන්න කෙනෙක්.ඒ කාලේ අද කාලෙයි ක්ෂේත්රය ගැන සංසන්දනය කළොත් ඔබට මොකද හිතෙන්නේ?
මම මේ වෙනකොට ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුදු 28ක් විතර වෙනවා.ඒ කාලෙත් ක්ෂේත්රයේ අපිට තිබුනා යම්කිසි තරගකාරී රටාවක්.ඒ කාලේ ජනප්‍රියත්වයත් එක්ක අපි විශාල ප්‍රසංග සංඛ්‍යාවකට සහභාගි වුණා.අපිට ඒ අවස්ථාව උදා වුණා.මං හිතන්නේ පසුගිය අවුරුදු පහ තුළ ක්ෂේත්රය තුළ විශාල වෙනස්කම් සිද්ධ වුණා.
ඒක ඔබට දැනෙන විදියට හොඳ විදියටද නරක විදියටද?
ඒක ඉතිං නරකයි කියන්නත් බැහැ,මොකද තරුණ පරම්පරාව අලුත් දේවල් වෙනස් දේවල් හොයනවා.තාක්ෂණය අතින් එයාලා දියුණුයි.අනිත් එක මේ වෙනස් වීම් තුළින් බිහි වෙන හොඳ ශිල්පීන් ඉන්නවා.හැම එකක්ම හොඳයි කියන්නත් බැහැ,ඒත් හොඳ නිර්මාණ බිහි වෙනවා.ප්‍රාසාංගික බව,ඉදිරිපත් කිරීම වගේ දේවල් වලදී දැන් ඉන්න ශිල්පීන්ගේ හොඳ වෙනසක්,වගේම අලුත් දේවල් තියෙනවා.මම හිතන්නේ කලින් කලට මේ දේවල් වෙනස් වෙන්නත් ඕන,මොකද එකම විදිහට ගලාගෙන යන්නෙත් නෑ.ලෝකෙ වෙනස් වෙනවා, එක එක දියුණු වීම් ඇති වෙනකොට අපි ඒවට හැඩ ගැහෙන්නත් ඕන.
හැබැයි ඒ හොඳ විදියට.සංස්කෘතිය එක්ක හොඳ රසවත් දේවල් සංගීත ක්ෂේත්රයෙන් අපි එළියට ගේන්න ඕන.රසවත් ගීතයක් කවදාවත් අපේ හදවතින් අයින් වෙන්නෙ නෑ,ඒකයි අපි තාමත් අමරදේව සර්ගේ රසවත් ගීත වලට කැමති.නිකමට හිතන්න රසවත් බයිලා ගීතයක් නම් අපේ හදවතින් ඒක අයින් වෙන්නෙ නෑ.ක්ෂේත්රය කොයි ආකාරයකට වෙනස් වුණත් රසවත් බවින් සුන්දර බවින් අර්ථාන්විත නිර්මාණ බිහි වෙනවා නම් ඒකෙ වරදක් නෑ.
චන්දන ලියනාරච්චිගේ ගීතයක් අලුත් කෙනෙක් කියලා ජනප්‍රිය වෙනකොට ඇත්තටම හිතට මොකද හිතෙන්නෙ?
ඇත්තටම අලුත් අය අපේ ගීත කියනකොට හිතට සතුටුයි.එයාලගේ තියන ස්ටයිල් එක,variations එක්ක ඒ ගීත කියනකොට ඇත්තටම සතුටක් දැනෙනවා.ඒත් ඒක ගැටළුවක් වෙන්නේ නව පරපුරේ සමහර අය,මේක මුදල් හම්බ කිරීම හම්බ කිරීම මත කරගෙන යනවා.අපි අපේ නිර්මාණ වෙනුවෙන් කාලයක් තිස්සේ ලොකු කැප කිරීමක් කරලා තමයි නිර්මාණ බිහි කරන්නේ.ඒත් ඒක කෙනෙක් අරගෙන එක දවසකින් දෙකකින් මුදල් හම්බ කරන තැනට පත්වීම අසාධාරණයි.මේ කාලෙදි ඒ වගේ දේවල් සිද්ධ වෙනවා සහ ඒවා නවත්වන්න බැරි මට්ටමකටත් පත්වෙලා තියෙනවා.කෙනෙක් ඒවා ආදරෙන් ගායනා කරන එක ගැන ප්‍රශ්නයක් නෑ,එතනින් එහාට ඒ කලාකරුවාට අසාධාරණයක් කරන්න එපා.
දැන් බිහිවෙන coversongs ගැන මොකක්ද ඔබ දරන අදහස? මේක මුල් ගීතයට හානියක්ද?
ඒක එහෙම වෙන්නේ කවර් එක කරන කෙනාගේ දක්ෂතාවය මත.මේ දවස්වල cover songs වැඩි වශයෙන් කෙරෙනවා.සමහර අය හොඳට කරනවා සමහර අය හොඳ නැහැ.හුඟක් දෙනෙක් ආසාවට ආසාවෙන් කරනවා.නමුත් නිර්මාණය වෙනස්වීම සහ ඒ නිර්මාණය අලුත් විදියට දෙනකොට මුල් නිර්මාණය කාගේද කියන එක ඔළුවේ තියාගෙන ගෞරවාන්විතව යමක් කරන එක තමයි යුතුකම
එදා මෙදා තුර චන්දන ලියනාරච්චි ට ලැබෙන ප්‍රතිචාර කොහොමද? වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ කාගෙන්ද?
තරුණ තරුණියෝ ගොඩකගෙ ආකර්ශනය ඒ කාලේ තිබුණා.ඒ කාලේ ඉඳන්ම මගේ වයසට සමානවම මාත් එක්ක මට ආදරය කරන පිරිසක් මගේ වටේ ඉන්නවා.එහෙම රසික පිරිසක් ඉන්නවා.ඒකට අලුතින් එකතු වුණු රසික පිරිසකුත් ඉන්නවා.කරපු අලුත් නිර්මාණ ගැන ගොඩක් හොඳට මට ප්‍රතිචාර දක්වන අය ඉන්නවා.ඒ අයට වයස් භේදයක් නෑ
චන්දනගේ පවුලෙ විස්තර ගැනත් මතක් කරමු?
මගේ තාත්තා නැතිවෙලා අම්මා මාත් එක්ක ඉන්නවා.මගේ පවුලේ අක්කලා හය දෙනයි අයියයි මමයි.මම විවාහකයි මගේ බිරිඳ නදීශිකා ශ්‍රී දේවී.ඇය නර්තනවේදිණියක්.අපිට පුතෙක් ඉන්නවා,පුතාගේ නම ඉයන් චන්දීව්.
මෙතෙක් ආ ගමන් මගේ ජීවිතයට ආපු ලොකුම අභියෝගයක් තියෙනවද?
ජීවිතයේ යම් යම් අවස්ථාවල මුහුණ දෙන අභියෝග ගොඩක් තියෙනවා.මම සෑහෙන අභියෝග වලට මුහුණ දුන්නා,එකක් කියලා නෑ
ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් විදියට දැන් තියෙන තරුණ හඬවල් ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම හරිම දක්ෂයො ඉන්නවා.සමහර අය ඉන්නවා මහ පුදුම සහගත හැකියාවන් තියෙන අය.අහගෙන ඉන්නකොට ආසයි සහ හරි පුදුමයි.හොඳ සංගීත අධ්‍යාපනයත් එක්ක බිහි වෙන අයත් ඉන්නවා.තමන්ට හොඳ නිර්මාණයන් බිහි කිරීම සහ,තමන්ටම අනන්‍ය වෙච්ච වෙනවා හදුනාගන්න පුළුවන් හඬක් බිහි කරන එක තමයි වැදගත්.රසිකයාට ඒ කෙනාව වෙන්ව හඳුනා ගන්න පුළුවන් නිර්මාණ බිහි කිරීම තුළ තමයි ඒ ඒ ශිල්පීන් බිහිවෙන්නේ.
තමන් තමන්ව හඳුනා ගැනීම තුළින් විශේෂ දෙයක් කරන්න පුළුවන්.ජනප්‍රිය වෙන්න කලින් වෙන වෙන අයගේ ගීත ගායනා කරන්න පුළුවන් නමුත් ඒ තුළම ඉන්න නැතුව තමන්ව රසිකයන් තුළට ගෙනියන්න ඕන.ඒ හඳුන්වා දීම තමයි වෙන්න ඕන.දැන් බිහි වෙලා ඉන්න අයගේ හුඟ දෙනෙක් ඉන්නවා හොඳ අය.සනුක,නදිමාල්,කාන්චනා අනුරාධි මේගොල්ලෝ නව පරපුරේ බිහිවෙලා ඉන්න ඉහළම මට්ටමේ හැකියාවන් තියෙන අය කියලා හඳුන්වන්න පුළුවන්.ලංකාවේ සංගීත ක්ෂේත්රයට බිහිවෙච්ච දක්ෂ අය තව කීපදෙනෙක්ම ඉන්නවා.තමන්ව හඳුනා ගැනීම තමයි ඉතින් විය යුත්තේ.හැමවෙලේම තමන්වයි ඉදිරියට ගේන්න ඕන.
ජීවිතයේ ඉස්සරහට තියෙන වැඩකටයුතු මොනවාද?
ඇත්තටම ගොඩක් සැලසුම් මගේ ළඟ නැහැ.මගේ රසිකයන් වෙනුවෙන් අලුත් දේවල් හොඳ දේවල් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒක තමයි ගායන ශිල්පියෙක් හැටියට මගේ තියෙන එකම බලාපොරොත්තුව.අපි කවදාවත් බලාපොරොත්තු නොවිච්ච දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා.මගේ තිබ්බ ලොකුම බලාපොරොත්තුවක් තමයි මගෙම කියලා කොන්සර්ට් එකක් කරන එක.මේ තියෙන කාලයෙන් මිදිලා,හොඳ කාලයක් උදා වුණොත් ඒ ගැන පොඩ්ඩක් හිතලා බලනවා
සංවාදය-සචිනි සත්සරණි ප්‍රේමරත්න