පාස්පෝර්ට් ලැබුන පාඨලි…

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව නැවතත් ඔහු වෙත ලබාදීමට අධිකරණය අද තීරණය කලා.

ඒ ලබන වසරේ පෙබරවාරි මාසයේදී තමන්ට ඔස්ට්‍රේලියාව වෙත සංචාරය කිරීමට අවශ්‍යව ඇති බව දන්වමින් නීතිඥවරයෙකු හරහා මන්ත්‍රීවරයා සිදුකල ඉල්ලීමක් අද සැලකිල්ලට ගත් අවස්ථාවේදීයි.

මීට කලකට ඉහත දී රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලවයි මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?