පාස්කු රහස් හෙළිකරන්න මෛත්‍රී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් කවුරුන් යන්න පිළිබද තොරතුරු තමන් දන්නා බව හිටපු ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා මහනුවර ප්‍රදේශයේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

2019 වසරේ පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන තුනකට සහ හෝටල් කිහිපයකට එල්ල වූ ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකින් පුද්ගලයන් 268 දෙනෙකුට දිවි අහිමි වුණා.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකෙරුණු අතර, ඊට අදාළව මහාධිකරණනඩු විභාගයක් ද සිදු වනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරුණු අතර විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් හරහාද මේ පිළිබඳ විමර්ශන දියත් කෙරුණා.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට ක්‍රියා නොකිරීමෙන්, මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කරමින්, වන්දි ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
ඇතුලු පස්දෙනෙකුට නියෝග කළා.

මෙවැනි තීරණාත්මක අවස්ථාවල දී පවා හඬ අවදි නොකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රහාරයෙන් වසර 05ක් ගෙවී තිබිය දී, ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි තමන් දන්නා බවට කළ ප්‍රකාශය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයක් මතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52