පාස්කු රහස් හෙළිකරන්න මෛත්‍රී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් කවුරුන් යන්න පිළිබද තොරතුරු තමන් දන්නා බව හිටපු ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා මහනුවර ප්‍රදේශයේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

2019 වසරේ පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන තුනකට සහ හෝටල් කිහිපයකට එල්ල වූ ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකින් පුද්ගලයන් 268 දෙනෙකුට දිවි අහිමි වුණා.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකෙරුණු අතර, ඊට අදාළව මහාධිකරණනඩු විභාගයක් ද සිදු වනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරුණු අතර විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් හරහාද මේ පිළිබඳ විමර්ශන දියත් කෙරුණා.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට ක්‍රියා නොකිරීමෙන්, මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කරමින්, වන්දි ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
ඇතුලු පස්දෙනෙකුට නියෝග කළා.

මෙවැනි තීරණාත්මක අවස්ථාවල දී පවා හඬ අවදි නොකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රහාරයෙන් වසර 05ක් ගෙවී තිබිය දී, ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි තමන් දන්නා බවට කළ ප්‍රකාශය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයක් මතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?