පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සුවිශේෂී හෙළිදරව්වක් (වීඩියෝ)

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් වසර 4ක් සම්පූර්ණ වන අවස්ථාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන එම ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී අනාවරණයක් සිදු කරනු ලැබුවා.

දසත ලංකා ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ මෙම ප්‍රහාරය සියයට සියයක්ම වළක්වා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාව පැවති බවයි.

සහරාන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙන්ම ප්‍රහාරයට අදාළ තොරතුරු මුල සිටම ලැබී තිබූ බවයි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ පැවති පැහැර හැරීම් සහ විමර්ශන නිසි ලෙස සිදු නොවීම හමුවේ ප්‍රහාරයට අවස්ථාව ලැබුණු බව පාලිත සිරිවර්ධන මහතා සඳහන් කළා.

කලින් කලට විමර්ශනවලට විවිධ කණ්ඩායම් පරීක්ෂණවලට එක් වීම ඇතුලු කරුණු හමුවේ කිසිදු දිනක මෙම ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණවල අවසානයක් දැක ගැනීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රහාරයට අදාළව කොමිෂන් සභා තුනක් මේවන විට පත්කර ඇති අතර ඔවුන් ලබා දුන් විවිධ නිර්දේශ අනුව ද විමර්ශණ කණ්ඩායම් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු අතර ප්‍රහාරය වළක්වා ගැනීමට ඔවුන්ට ඕනෑතරම් හැකියාව පැවති බවයි හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා අනාවරණ කළේ.

පාස්කු ප්‍රහාරයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසකට විනයානුකූලව පියවර ගැනීමට ලිපි යොමු වී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී හෙළි කළා.

https://www.youtube.com/watch?v=qGVP5UBo2lM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21