පාසල තුළ දී සිහිසුන්ව ඇදවැටී සිසුවියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

පුත්තලම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ සිසුවියක් පාසල තුළ දී සිහිසුන්ව ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

හත ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවිය ඊයේ (10) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිසුවිය පාසල අවසන් වී දිවයමින් සිටිය දී එකවර පාසල් භූමිය තුළ සිහිසුන්ව ඇද වැටී ඇති අතර, එහිදී සිහිසුන්ව සිටි සිසුවියට පාසලේ ගුරුවරුන් එක්ව කෘතිම ස්වශනය ලබාදෙමින් ඇය ප්‍රකෘති තත්ත්වයට ගැනිමට උත්සහ කර තිබෙනවා
.
අනතුරුව සිසුවිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඇය අවාසනාවන්ත ලෙස මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ දරුවන් 11 දෙනෙකුගෙන් සමන්විත පවුලක 09 වන දරුවායි.

මෙම දැරිය කිසිදු රෝගාබාධයකට ලක්ව නොසිටි බවත් නිරෝගී තත්වයෙන් සිටි බවත් ඇයගේ මව්පියන් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47