spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල තුළ දී සිහිසුන්ව ඇදවැටී සිසුවියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

පුත්තලම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ සිසුවියක් පාසල තුළ දී සිහිසුන්ව ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

හත ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවිය ඊයේ (10) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිසුවිය පාසල අවසන් වී දිවයමින් සිටිය දී එකවර පාසල් භූමිය තුළ සිහිසුන්ව ඇද වැටී ඇති අතර, එහිදී සිහිසුන්ව සිටි සිසුවියට පාසලේ ගුරුවරුන් එක්ව කෘතිම ස්වශනය ලබාදෙමින් ඇය ප්‍රකෘති තත්ත්වයට ගැනිමට උත්සහ කර තිබෙනවා
.
අනතුරුව සිසුවිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඇය අවාසනාවන්ත ලෙස මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ දරුවන් 11 දෙනෙකුගෙන් සමන්විත පවුලක 09 වන දරුවායි.

මෙම දැරිය කිසිදු රෝගාබාධයකට ලක්ව නොසිටි බවත් නිරෝගී තත්වයෙන් සිටි බවත් ඇයගේ මව්පියන් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?