පාසල් දැරියක් පාසලේදී වස බොයි

නිතර බීමත්ව පැමිණෙන සිය පියාගෙන් සිදුවන හිරිහැර නිසා සිත් තැවුලටපත් 16 හැවිරිදි දියණියක් 20 වැනිදා දහවල් සිය පාසලේ දී යම් වස වර්ගයක් පානය කිරීම හේතුවෙන් රෝගාතුරව බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි.

හාලිඇල පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි මෙම දැරිය හාලිඇල නගරාසන්නයේ පිහිටි ප‍්‍රසිද්ධ පාසලක අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියක ඉගෙනුම ලබයි.

20 වැනිදා දහවල් සිය යෙහෙළියක ද සමග විදුහල් පරිශ‍්‍රයේ ඇති ජල කරාමයක් අසලට ගිය ඇය තමන් නිවසින් රැුගෙන ආ වතුර බෝතලයෙන් කොටසක් එහිදී පානය කර ඇති අතර ඒත් සමගම රෝගාතුරව ඇත. පසුව පාසල් ගුරුවරුන් එක්ව වහාම දැරිය බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

බීමත්ව නිවසට පැමිණෙන සිය පියාගෙන් තමන්ට සහ තම මවට සිදුවන හිරිහැර නිසා ඇතිවූ සිත්තැවුලෙන් තමන් වස පානය කළ බවත් තේ වගාවට යොදන යම් විෂ රසායනික දියරයක් මෙසේ වතුර බෝතලයට දමාගෙන පැමිණ පානය කළ බවත් සිසුවිය පවසා ඇතැයි සඳහන් වෙයි.

හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත හාලිඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07