spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් දැරියක් පාසලේදී වස බොයි

නිතර බීමත්ව පැමිණෙන සිය පියාගෙන් සිදුවන හිරිහැර නිසා සිත් තැවුලටපත් 16 හැවිරිදි දියණියක් 20 වැනිදා දහවල් සිය පාසලේ දී යම් වස වර්ගයක් පානය කිරීම හේතුවෙන් රෝගාතුරව බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි.

හාලිඇල පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි මෙම දැරිය හාලිඇල නගරාසන්නයේ පිහිටි ප‍්‍රසිද්ධ පාසලක අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියක ඉගෙනුම ලබයි.

20 වැනිදා දහවල් සිය යෙහෙළියක ද සමග විදුහල් පරිශ‍්‍රයේ ඇති ජල කරාමයක් අසලට ගිය ඇය තමන් නිවසින් රැුගෙන ආ වතුර බෝතලයෙන් කොටසක් එහිදී පානය කර ඇති අතර ඒත් සමගම රෝගාතුරව ඇත. පසුව පාසල් ගුරුවරුන් එක්ව වහාම දැරිය බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

බීමත්ව නිවසට පැමිණෙන සිය පියාගෙන් තමන්ට සහ තම මවට සිදුවන හිරිහැර නිසා ඇතිවූ සිත්තැවුලෙන් තමන් වස පානය කළ බවත් තේ වගාවට යොදන යම් විෂ රසායනික දියරයක් මෙසේ වතුර බෝතලයට දමාගෙන පැමිණ පානය කළ බවත් සිසුවිය පවසා ඇතැයි සඳහන් වෙයි.

හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත හාලිඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?