පාන්පිටි කිලෝවක මිල රුපියල් 198ක් බව නිවේදනය කරන්න – මුදල් අමාත්‍යාංශයට උපදෙස්

මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රුපියල් 198ක් වන බැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකි වන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නිවේදනයක් මගින් දැනුම්දෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාව නියෝග කර තිබෙනවා.

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙනුවට තාවකාලිකව පත්වූ සභාපතිවරයා වන පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යි මේ පිළිබදව සාකච්ඡා කෙරුණේ.

පාර්ලිමේන්තුවේ අනුමතිය ලබාගැනීමට නියමිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2023. 06.14 ප්‍රකාශයට පත්කරන ලද අංක 2336/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇති රෙගුලාසි පිළිබඳව මෙහිදි අවධානය යොමු වුණා.

ජුනි මස 14 වනදා ප්‍රකාශයට පත්කරන ලද ගැසට්පත්‍රය, මෙරටට පාන්පිටි ආනයනය කරන සමාගම් තොග වැඩිපුර රඳවා අතිරේක ලාභයක් ලැබීම වැළැක්වීම අරමුණු කරගනිමින් නිකුත් කළ බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසු බවයි කමිටු සභාපතිවරයා සඳහන් කළේ.

එහෙත් මෙම තත්ත්වය තුළින් මෙරට පාන්පිටි සම්බන්ධයෙන් සියයට අසූවක වෙළදපොල අධිකාරීත්වය හිමි ප්‍රධාන සමාගම් ද්විත්වයට තිරිඟු ධාන්‍ය ලෙස ගෙන්වීමට අවස්ථාව හිමිවූ බැවින් අතිරේක ලාභයක් ඉපයීමට හැකියාව ලැබී ඇත්දැයි සොයා බැලිය යුතු බව කමිටුව විසින් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව ජුනි මස 14 වනදා ප්‍රකාශයට පත්කරන ලද ගැසට්පත්‍රය මගින් අපේක්ෂිත අරමුණු කෙ‍තරම් දුරට ඉෂ්ට වී ඇති ද යන්න තහවුරු කිරීම සදහා පැවති පාන්පිටි තොග සහ වත්මන් තොග පිළිබඳ නිවැරදි දත්ත ලබා දෙන ලෙසටයි මෙහිදී උපදෙස් දෙනු ලැබුවේ. මේ අනුව මෙහිදී යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි සොයා බැලීම සදහා අවකාශය ලැබෙනු ඇති බව ද කමිටු සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2336/71 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

සිමෙන්ති අමුද්‍රව්‍ය ආනයනයේදී අය කරන සෙස් බද්ද සිමෙන්ති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 2කින් වැඩිකිරීමට අදාළ නියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ ‍සිමෙන්ති අමුද්‍රව්‍යවල සෙස් බද්ද වැඩිකිරීම හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ලවිය හැකි බවයි.

තවද වරායට ගොඩබාන සිමෙන්ති මිල සහ විකුණුම් මිල අතර සියලු බදු අඩුකළ විට රුපියල් 700කට ආසන්න ලාභයක් ඇති බව කමිටුව පෙන්වා දී තිබෙනවා.

සිමෙන්ති සහ යකඩ ගොඩබාන මිල සහ අදාළ සියලු බදු අඩු කළ විට විකුණුම් මිල අතර විශාල පරතරයක් තබා ගනිමින් අයථා ලාභයක් ලබන බව පෙනී යන බැවින් ඒ පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට කමිටු සභාපතිවරයා නියෝග කළා.

තවද නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩු ආදායම්ලාභී නිවාස, මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස ගණනාවක වැඩ නැවතී ඇති බව හෙළි වූ අතර ඒ පිළිබඳව මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

මීට පෙර ලක්ෂ 12ක පමණ වියදමකින් ඉදිකළ නිවසක් ඉදිකිරීම සදහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 24ක් පමණ වියදමක් යන බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ. රජයේ ආදායම වැඩිකරගැනීම සදහා මුදල් අමාත්‍යාංශය මගින් සිදු කරන වැඩිකිරීම් මගින් සිදුවන සමාජ බලපෑම පිළිබද නිසි ඇගයීමක් සිදු නොකිරීම විශාල ගැටලුවක් බව ද කමිටුව විසින් අවධාරණය කරනු ලැබුවා. එසේම සිමෙන්ති මිල නියාමනය සඳහා අදාළ අංශ මැදිහත්විය යුතු බවයි කමිටුව ‍විසින් පෙන්වා දෙනු ලැබුවේ.

2021 අංක 11 දරන වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2343/60 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ 2339/08 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සලකා බැලීම සිදු වුණා. ආයෝජන ගෙන්වා ගැනීම සදහා සහනදායි පියවර අනගමනය කිරීම ඇතුළු කරුණු පිළිබදව වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සහ ආ‍යෝජන මණ්ඩලයේ නිලධාරීන් කරුණු පැහැදිළි කර තිබෙනවා.

මේ අනුව උක්ත දක්වා ඇති නිර්දේශවලට යටත්ව මෙම ගැසට් පත්‍ර හතර සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48