පාස්කු ප්‍රහාරය ගැන තෙදින විවාදය ඇරඹෙයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අද (24) සිව්වැනි වරටත් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වෙනවා.

ප්‍රහාරය පිටුපස සිටි පුද්ගලයින් පිළිබඳ තමන් දන්නා බවට ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ජනාධිපති ධුරයේ කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය පදනම් කරගනිමින් විපක්ෂය කළ ඉල්ලීමක් මත මෙවර විවාදය දින තුනක් පැවැත්වෙනවා.

මේ අතර වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් පසු පසුගිය 04 වැනිදා අභාවප්‍රාප්ත වූ අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා එම්.ජී.වීරසේන අද දිවුරුම් දුන්නා.