පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ මෘත ශරීර ගොඩ ගැසේ

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුලු මළසිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මෘත ශරීරාගාරයේ තිබෙන අධි ශීතකරණ දෙකෙහි තැම්පත් කර තැබිය හැකි මළ සිරුර ප්‍රමාණය 12 ක් පමණක් බවත් අනෙක් සියලුම මළසිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත ට්‍රොලි මත තැන්පත් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වෛරසයෙන් මිය ගිය මළ සිරුරු 22 ක් ,නාඳුනන මළ සිරුරු 5 ක් අනෙකුත් මළසිරුරු 19 එලෙස තැන්පත්ව ඇති බවයි පැවසෙන්නේ.

එලෙස තැන්පත් කර තිබෙන බහුතරයක් මළසිරුරු නරක් වීමෙන් මෙම දුර්ගන්ධය හටගන්නා බව දැනගන්නට ලැබෙනවා.

කොරෝනා වෛරසයෙන් මියගොස් සිටින පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවද ඔහුන්ගේ සමීප ඥාතීන් ද නිරෝධායනට ලක් කර ඇති බැවින් එම දේහයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආදාහන කටයුතු සිදු කිරීම සඳහා සමීප ඥාතීන් දෙදෙනකු සහභාගී කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් මෙම තදබදය හට ගැනීමට ප්‍රධානම හේතුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51