පානදුර මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

පානදුර මුහුදේ අද (08) පස්වරුවේ විනෝදයට දියනාමින් සිටි තරුණයන් දෙදෙනෙක් රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

එක් තරුණයෙකු අතුරුදන්ව, අනෙක් තරුණයා බේරාගෙන ඇති බවයි පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසන්නේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රිහාන් නමැති 23 හැවිරිදි තරුණයෙක්.

මිතුරන් පස්දෙනෙකු පානදුර ළමා උද්‍යානය ඉදිරිපිට මුහුදේ දියනාමින් සිටිය දී තරුණයන් දෙදෙනෙක් මෙලෙස ගසාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් එක් තරුණයෙකු බේරාගෙන ඇති අතර, අනෙක් තරුණයා රළ පහරට හසුව එක්වරම නොපෙනී ගිය බව ජීවිත ආරක්ෂක නිලධාරියෙක් පවසා තිබුණා.

අතුරුදන්ව ඇති තරුණයා සොයා පොලිස් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් රාත්‍රියේත් පානදුර වෙරළේ නිරීක්ෂණය කරමින් සිටින බව ජීවිත ආරක්ෂක ඒකකය සඳහන් කළා.

බේරාගත් තරුණයා ප්‍රථමාධාර ලබාදීමෙන් පසු පානදුර මූලික රෝහලට යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?