පානදුර මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

පානදුර මුහුදේ අද (08) පස්වරුවේ විනෝදයට දියනාමින් සිටි තරුණයන් දෙදෙනෙක් රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

එක් තරුණයෙකු අතුරුදන්ව, අනෙක් තරුණයා බේරාගෙන ඇති බවයි පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසන්නේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රිහාන් නමැති 23 හැවිරිදි තරුණයෙක්.

මිතුරන් පස්දෙනෙකු පානදුර ළමා උද්‍යානය ඉදිරිපිට මුහුදේ දියනාමින් සිටිය දී තරුණයන් දෙදෙනෙක් මෙලෙස ගසාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් එක් තරුණයෙකු බේරාගෙන ඇති අතර, අනෙක් තරුණයා රළ පහරට හසුව එක්වරම නොපෙනී ගිය බව ජීවිත ආරක්ෂක නිලධාරියෙක් පවසා තිබුණා.

අතුරුදන්ව ඇති තරුණයා සොයා පොලිස් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් රාත්‍රියේත් පානදුර වෙරළේ නිරීක්ෂණය කරමින් සිටින බව ජීවිත ආරක්ෂක ඒකකය සඳහන් කළා.

බේරාගත් තරුණයා ප්‍රථමාධාර ලබාදීමෙන් පසු පානදුර මූලික රෝහලට යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38