AFC Banner
Empty Ad
Empty Ad

පාණ්ඩ්‍යාගේ පන්දු යැවීම ගැන මෝර්නි මෝකල් නොසතුටින්

ඉන්දීය ජාතික කණ්ඩායමේ නව වේගපන්දු යැවීමේ පුහුණුකරු මෝර්නි මෝකල්; තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දු යැවීම පිළිබඳව නොසතුටට පත්ව සිටින බව වාර්තා වනවා.

සංචාරක බංග්ලාදේශය සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු සැසියක් අතර තුර මෝකල්; පාණ්ඩ්‍යාගේ පන්දු යැවීම පිළිබඳව නොසතුට පළකර ඇති බවයි වාර්තා වන්නේ.

හර්දික් පාණ්ඩ්‍යා පන්දු යැවීමට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් මෝකල් නොසතුටට පත්ව සිටින බව පැවසෙන අතර, එහිදී සිදුකළ යුතු නිවැරදි කිරීම් පිළිබඳව ඔවුන් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම හර්දික් කඩුල්ලට ආසන්නයේ පන්දු යැවීම සම්බන්ධයෙන් ද මෝකල් එතරම් සතුටට පත්ව නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊට අමතරව හර්දික් පන්දුව මුදාහැරීමේ ස්ථානය සම්බන්ධයෙන් ද මෝකල් අවදානයෙන් කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

ග්වාලියර් හි පැවති මෙම පුහුණු සැසියේ දී හර්දික් සමඟ වැඩ කිරීමෙන් පසු මෝකල්; වමතින් වේගපන්දු යවන අර්ෂ්දීප් සිං සහ නවකයින් වන හර්ෂිත් රානා සහ මායන්ක් යාදව් වෙත අවදානය යොමුකර තිබෙනවා.

මේ අතර සංචාරක බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන ඉරිදා (06) ග්වාලියර් හි දී ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම පාර්ලිමේන්තුවට ඉතාම සුදුසුයි / JVPයේ විතරක් නෙවෙයි - සුදුසුකම් තියෙන මිනිස්සු ඉන්නේ #sjb #npp
02:13
Video thumbnail
ශ්‍රි.ල.නි.පයේ ප්‍රබලයෝ රැසක් - ජාතික ජන බලවේගයට යයි #slfp #npp #akd #anurakumaradissanayake
02:53
Video thumbnail
ඔබතුමා අසරණ වෙලා නේද ඉන්නේ ? - නෑ....නෑ...ඩාලිපාරට එන්නේ නැතුව කොහෙ යන්න ද? #sjb #slfp
02:22
Video thumbnail
මල් පාරේ අදත් හොර සාකච්ඡා - SJB ප්‍රබලයෙක් හොරාට රනිල් තුරුලට #unp #sjb #ranilwickremesinghe
01:21
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41
Video thumbnail
නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි #breakingnews #election
01:45
Video thumbnail
🛑Breaking News - ඊශ්‍රායලයේ මීළඟ සැලසුම ගැන අනාවරනයක්...
01:40

?