පාකිස්ථාන වේග පන්දුයවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට අදාළව ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය වන ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය මේ වන විට අබුඩාබි හිදී පැවැත්වෙනවා.

කාසිය වාසියේ ජයග්‍රහණය කිරීමෙන් පසු පකිස්ථාන නායකයා විසින් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර එම තීරණය උපරිම සාධාරණයක් ලකුණු 60ක් තුළ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් දවා ගැනීමට පාකිස්ථාන වේග පන්දු යවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත් සිව්වන කඩුල්ලෙන් පසු පිටියට කමිඳු මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පන්දු 44ක් තුළ ලකුණු 50 රැස් කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම යම් තරමක් දුරට ශක්තිමත් කරනු ලැබුවා.

නියමිත පන්දුවාර විස්ස අවසානයේ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 08ක් දැවීගොස් ලකුණු 133කට සිමා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?