පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් සහ කන්දහාර් නගරවලට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඒ, අනුව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ඇෆ්ගන් තලේබාන් රජයට එරෙහිව “විවෘත යුද්ධයක්” ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය සතිය මුල දී සිදු වූ මාරාන්තික ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඇෆ්ගන් හමුදා පාකිස්ථාන දේශසීමා භටයින්ට ප්‍රහාර එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය විසින් කාබුල් සහ කන්දහාර් වෙත මෙලෙස බෝම්බ ප්‍රහාර එල්ලකර තිබෙනවා.
කාබුල් නුවරින් අවම වශයෙන් පිපිරීම් තුනක හඬ ඇසුණු නමුත්, ඇෆ්ගන් අගනුවර සිදුවූ එම ප්‍රහාර එල්ල වූ නිවැරදි ස්ථාන හෝ සිදු වූ ජීවිත හානි පිළිබඳව තොරතුරු තවමත් වාර්තා වී නැහැ.
මේ අතර පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසන්නේ රටේ හමුදාවන්ට ඕනෑම ආක්‍රමණශීලී අභිප්‍රායන් මැඩපැවැත්වීමට සම්පූර්ණයෙන්ම හැකියාව ඇති බවයි.



