පාකිස්ථානයේ දී ඝාතනය වූ ‘ලාංකිකයාගේ දේහය’ නිවසට රැගෙන පැමිණි අවස්ථාව

පාකිස්තානයේ සියල්කොට්හි දී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද (07) අලුයම ඔහුගේ නිවෙසට රැගෙන පැමිණියා.

ඝාතකයන් ප්‍රියන්තගේ සිරුරට  ගිනි තැබීම නිසා සිරුරේ කොටස් පමණක් සීල් තබන ලද දෙනක තැන්පත් කර නිවෙසට රැගෙන පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පාකිස්තානයේ ලාහෝර් සිට මෙරටට රැගෙන ආ ප්‍රියන්ත කුමාරගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමු රෝහලේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.