ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාගේ තත්ත්වය බරපතලයි

ඊයේ සවස කොළඹ වෝඩ් පෙදෙසේ ඇවිද යමින් සිටියදී සිහිසුන්ව බිම ඇදවැටී අනතුරට ලක්වූ ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ ස්වාමිපුරුෂයා වන උපාලි ජයසිංහගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මෙලෙස හදිසි අනතුරට ලක්වන්නේ ඊයේ සවස ශරීර සුවතාව සඳහා ඇවිදිමින් සිටියදීයි.
මෙම ඇදවැටීම හේතුවෙන් ඔහුගේ හිසට බරපතල හානි සිදුවී ඇති අතර අධික රුධිර වහනයක්ද සිදුවී ඇති බව වාර්තා වනවා.

නිවස ආසන්නයේ ඇදවැටුණු උපාලි ජයසිංහ එලෙස විනාඩි විස්සක පමණ කාලයක් සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඒ අවස්ථාවේ ඒ අසලින් ගිය වෛද්‍යවරයෙකු මෙම සිද්ධිය දැක ඔහු මැදිහත්ව උපාලි ජයසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුත කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්වූ උපාලි ජයසිංහ වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර ඔහු රෝහල් ගතකරන විටත් සිහිසුන් තත්ත්වයේ සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරුණු උපාලි ජයසිංහ ඊට ටික වේලාවකට පසුව කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයකට ඇතුලත් කර තිබෙනවා.මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
10
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?