ප්‍රාදේශීය සභා ඡන්දෙට එමින් සිටි මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගෙන ගිහිං

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස පැහැර ගැනීමට ලක් ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්.

මේ තත්ත්වය හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි ලෙසින් කලබලකාරී තත්ත්වයක් ද හටගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බව ද වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?