ප්‍රසිද්ධ හිමි නමක් ගාලු මුවදොර මාරාන්තික උපවාසයක් අරඹයි

2013 වසරේදී රතුපස්වල විරෝධතාවට සහාය පළ කළ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගාලු මුවදොර අරගල භූමියේ මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

මේ අතර රඹුක්කන දී පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයා සිහිකර ගාලුමුවදොර අරගල භූමියේදී විරෝධතාවයක් පැවැත්වුනි.

එසේම මියගිය පුද්ගලයා වෙනුවෙන් ශෝකය පළකරමින් පිරිස මිනිත්තු 2ක නිහඬතාවයක් ද ආරක්ෂා කළේය.

ජන අරගලය අද ක්‍රියාත්මක වන්නේ 12 වන දිනටය.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධතාවයට ඊයේ රාත්‍රියේත් විවිධ ප්‍රදේශවලින් පිරිස් පැමිණියේය.

එක්සත් රාජධානියේ 2022 ඔලිවියර් සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දිනූ හිරාන් අබේසේකර ද ගාලුමුවදොර ජනතා අරගලයට ඊයේ රාත්‍රියේ සහභාගී වී තිබුනි.

විරෝධතා භූමියේ පැය 24ක සත්‍යග්‍රහයක් ඊයේ ආරම්භ කළ කායවර්ධන ශූර ප්‍රසන්න පීරිස් අද එය අවසන් කළේය.

විරෝධතාකරුවන්ට අවශ්‍ය නීතිමය සහයෝගය ලබා දීමට සහ නීති උපදෙස් ලබාදීමට නීතීඥවරු රැසකගේ සහභාගීත්වයෙන් අද විශේෂ වැඩසටහනක් ද අරගල භූමියේ සංවිධාන කර තිබුනි.

රඹුක්කන සිද්ධිය පිළිබඳ සිය මතය පළ කිරීම සඳහා අරගලකරුවන් සහ කලාශිල්පීන්ගේ සහභාගීත්වයෙන් අරගල භූමියේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වුනි.

මේ අතර ගාලුමුවදොර අරගලයට සහාය දක්වමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අද දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරත වුනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08