රුපියල් මිලියන 239ක වැට් හා ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන ප්‍රසිද්ධ චොකලට් සමාගමකට මැයි මස 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නොතීසි නිකුත් කරමින් නියෝග කර තිබෙනවා.
දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් චොක්ලට් සමාගම විත්තිකරු කරමින් පැවරූ නඩුව සඳහා කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළ බවයි වාර්තා වන්නේ.
මෙම සමුහයට අයත් තවත් ප්‍රසිද්ධ සමාගමක් රජයට ගෙවිය බදු මුදල් රුපියල් 108, 232, 919ක වැට් බදු හා රුපියල් 24,716,203 ආදායම් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් ද නඩු දෙක පවරා තිබෙනවා.
දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ වග උත්තරකාර ආයතනයට අධිකරණයේ පෙනී සිටින ලෙසට දේශීය ආදායම කොමසාරිස්වරයා දැනුම් දී තිබුණත් ඔවුන් අධිකරණයේ පෙනී සිට නොමැති බවයි.
ඒ අනුව වග උත්තරකාර සමාගමට නොතීසි නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සමාගමට මැයි මස පස්වෙනි දින අධිකරණය පෙනී සිටින ලෙසට නියෝග කළා.