ප්‍රසිද්ධ චොක්ලට් සමාගමකට අධිකරණයෙන් නොතීසි

රුපියල් මිලියන 239ක වැට් හා ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන ප්‍රසිද්ධ චොකලට් සමාගමකට මැයි මස 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නොතීසි නිකුත් කරමින් නියෝග කර තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් චොක්ලට් සමාගම විත්තිකරු කරමින් පැවරූ නඩුව සඳහා කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

මෙම සමුහයට අයත් තවත් ප්‍රසිද්ධ සමාගමක් රජයට ගෙවිය බදු මුදල් රුපියල් 108, 232, 919ක වැට් බදු හා රුපියල් 24,716,203 ආදායම් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් ද නඩු දෙක පවරා තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ වග උත්තරකාර ආයතනයට අධිකරණයේ පෙනී සිටින ලෙසට දේශීය ආදායම කොමසාරිස්වරයා දැනුම් දී තිබුණත් ඔවුන් අධිකරණයේ පෙනී සිට නොමැති බවයි.

ඒ අනුව වග උත්තරකාර සමාගමට නොතීසි නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සමාගමට මැයි මස පස්වෙනි දින අධිකරණය පෙනී සිටින ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
2
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51