AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවාසම් අභාවප්‍රාප්ත වෙයි

මෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ප්‍රේමසිරි හේවාවාසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 64ක්.

ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රේමසිරි හේවාවසම් මහතා තිස් දහසකට අධික සිසු සිසුවියන් පිරිසකට රූපලාවණ්‍ය ශිල්පය බෙදා දී තිබෙනවා.

රූපලාවණ්‍ය වැඩමුළු, මනාලියන් දැක්මවල් නිර්මාණය කිරීමට අමතරව නොමිලේ රූපලාවණ්‍ය පාඨමාලා වැඩමුළු සංවිධානය කරමින් ගම් නගරවල කාන්තාවන් සහ තරුණ පිරිස් වෙත රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර දැනුම බෙදා දීමට ද ඔහු කළේ මහඟු සේවයක්.

ජාතික රූපවාහිනී නුග සෙවන මෙන්ම සිරිකත, තරුණි වැනි පුවත්පත් හරහා තම දැනුම බෙදා දුන් අපූරු නිර්මාණ ශිල්පියෙකු ලෙසටයි ප්‍රේමසිරි හේවාවසම් මහතා සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
94
+1
9
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?