නාවික හමුදාවේ ඉහළ දායකත්වයෙන් කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවෙයි

නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 27 සහ 28 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

ප්‍රධාන දේව මෙහෙය යාපනය රදගුරු පදවියේ ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමා (Very Revd. Fr. P. J. Jebaratnam,Vicar General, Jaffna Diocese) විසින්, ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවියේ ගරු අරුල් ජෝසප් පියතුමා (Rt. Revd.Msgr. Arul Joseph . Vicar General of Sivagangai diocese, India), කොළඹ අග රදගුරු පදවියේ ගරු සම්පත් පියතුමා (Revd. Fr. Sampath, Colombo Arch Diocese), ඉන්දියාවේ රාමේශ්වරම් පැරිෂ් පූජක ගරු තෝමස් පරිබාලන් පියතුමා (Revd. Fr. Thomas Paribalan, Parish Priest, Rameswaram, India) සහ ඩෙල්ෆ්ට් පැරිෂ් පූජක ගරු ඇන්ටන් අමලදාස් පියතුමා (Revd. Fr. Anton Amaladas. Parish Priest, Delft) යන පූජක ප්‍රසාදීන් වහන්සේ ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් සිදුකෙරුණු අතර, වාර්ෂික දේව මෙහෙය යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් පිරතීපන්ගේ (Maruthalingam Piiratheepan) සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සම්පත්, තාක්‍ෂණික හා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් සාර්ථකව පැවැත්වුණා.

එහි අවසන් දේව මෙහෙය සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් , නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනූෂා බානගොඩ සහ යාපනයේ ඉන්දීය කොන්සාල් ජෙනරාල් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වු අතර, මෙවර දේව මෙහෙය සඳහා පැමිණ සිටි දහතුන්දහස් හයසියයකට (13600) අධික ඉන්දීය සහ ශ්‍රී ලාංකික බැතිමතුන් අමතමින් ස්තූති පුද කිරීමේ දේශනය සිදු කල යාපනය රදගුරු පදවියේ ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමා, මෙම දේව මෙහෙය සාර්ථක කරගැනීම සඳහා නාවික හමුදාවේ තීරණාත්මක දායකත්වය එහිදී ඉහලින් අගයමින්, සිය දේශනය සිදු කෙරුණා.

මෙම දේව මංගල්‍යය ඉතා උත්කර්ෂවත්ව පැවැත්වීම සඳහා, ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණයෙන්, නාවික හමුදාධිපති ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති ගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සියළු පහසුකම් සම්පාදනය කිරීමට කටයුතු කෙරිණි. එහිදී, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණය වී බැතිමතුන් හට අවශ්‍ය මූලික අවශ්‍යතා සියල්ල ස්ථාපනය කෙරුණු අතර, ජීවිතාරක්‍ෂක කටයුතු, සනීපාරක්‍ෂක සහ වෛද්‍ය අවශ්‍යතාද සන්නිවේදන අවශ්‍යතාවයන්ද සැලසුම් සහගතව සංවිධානය කෙරුණා.

තවද, මෙහිදී කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අවසානයේ දෙස් විදෙස් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා සහ ඉන්දීය බැතිමතුන් පමණක් නොව ලෝව සෑම කලාපයක් වෙතින්ම බැතිමතුන් සම්බන්ධවන සංස්කෘතික වශයෙන් වැදගත් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය ශ්‍රී ලංකා රජයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය රදගුරු පදවිය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රාජ්‍ය ආයතන සහ පොලීසිය යන ආයතන එක්ව සාර්ථකව පැවැත්වීමට හැකිවු බව පවසා සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමන්, වත්මන් පරපුර වෙත උරුම වූ සමුද්‍රීය සම්පත් සහ ජෛව විවිධත්වය මතු පරපුරටද එලෙසම දායාද කර දීම සැමගේ වගකීමක් වන බවත්, සෑම පුද්ගලයෙකුටම ජාත්‍යන්තර නීතියට සහ රාජ්‍යයන්ගේ නීතින් වෙත ගෞරව කිරීම ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍ය කරුණක් බවත් සිහිපත් කල නාවික හමුදාධිපති, කලාපීය සමුද්‍රීය ආරක්ෂාව හා ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිරන්තර දායකත්වය සහ සහයෝගීත්වය ඇගයීමටද කටයුතු කෙරිණි. එමෙන්ම, සමුද්‍රීය පරිසරය සුරැකීමේ වැදගත්කම පිලිබඳ දෙස් විදෙස් සමුද්‍රීය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා පරිසරවේදීන්, අධ්‍යාපන වේදීන් සහ මාධ්‍ය වේදින් හට විශාල කාර්යයභාරයක් පැවරී ඇති බව පැවසූ නාවික හමුදාධිපති, මෙම ආගමික උත්සව අවස්ථාව සඳහා නිවැරදි මාධ්‍යකරණය වෙනුවෙන් පැමිණි සියළු මාධ්‍ය වේදීන් හට ස්තූතිය පල කිරීමටද එහිදී කටයුතු කෙරිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20