අල්ලස් ගත් බව කියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට සහ ගුරු උපදේශකට ඇප

රුපියල් 50,000ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ එම කාර්යාලයට අනුයුක්ත ගුරු උපදේශකවරයා ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 2ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම අද (03) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

සේවය හැර ගොස් සිට නැවත සේවයට එක් වූ පුද්ගලයෙකුගේ පත්වීම් කාලය දීර්ඝ කර දීම සඳහා මෙම සැකකරුවන් දෙදෙනා රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ.

අදාළ පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදීම මෙම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් දන්වා සිටියා.

අත්අඩංගුවට ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47