ධීවර යාත්‍රාවකදී හෙරොයින් සමඟ මාට්ටු වූ පස්දෙනා යළි රිමාන්ඩ්

දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53g ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාට අදාල වර්තා රස පරීක්‍ෂක වෙත යොමු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සැකකරුවන්ගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබා ගැනීමට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා මහ බැංකුව වෙත දන්වා ඇතිි බවයි.

එම නිසා සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කනිෂ්ක සාරංග, රාජකුමාර් ,විචිත්‍ර නලින් මදුශංක යන සැකකරුවන් එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරුවන් ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්තර දෙන්න ඉස්සර ඔයා කාවද නියෝජනය කරන්නේ කියන්න ? - නීතිඥ සංගමයේ සභාපති හොඳටම දෙසයි
10:25
Video thumbnail
අපි මැතිවරණය තියනවා - ජනමතය බලාගන්න පුළුවන්
03:18
Video thumbnail
විපක්ෂය දැන් නන්නත්තාර වෙලා - ජනතාව ඉන්නේ අපිත් එක්ක
03:57
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
02:59
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට නීතිඥයෙක්ට යකා නගියි - ඔයා මෙතන විකෘති කරනවා..ඕවා ගන්න එන්න එපා..
04:20
Video thumbnail
අජිත් පෙරේරා එළියට ඇවිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අපේ ඔක්කොම විරුද්ධ වුණා
01:35
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ - මර්දනයෙන් රජ කරන්න හදන්නේ
01:37
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:59
Video thumbnail
අගවිනිසුරුවරයා හොර උප්පැන්න දීලද තනතුරට ආවේ ?සූරසේන සංශෝදනය ගේන්න එපා
04:14
Video thumbnail
අධිකරණයට අත නොතබනු - පොළොන්නරුවේත් මහජන පෙත්සමක්
01:21