ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකස් කර චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකරගේ නාමය බරපතල ලෙස අවභාවිතා කළ බව කියන පූද්ගලයෙක් ලබන 21 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කළා.
රඹෑව පදිංචි ජනිත ප්‍රදීප් මානාධිපතිරණ නැමැති අයෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
සනත් අබේසේකර මහතාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හැක් කර ඇති බවත් චිත්‍රපට අධ්‍යක්සකවරයගේ නම භාවිතා කරමින් දුරකතන අංක දෙකක් භාවිතා කරමින් ෆේස්බුක් ගිණුම් සකස් කර පවත්වාගෙන ගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශණ ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරු සනත් අබේසේකරගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම සම්පූර්ණයෙන්ම හැක් කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
එම සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකතනයේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප රැසක් තිබූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරු මේ නිරුවත් ඡයාරූප මුදලට විකුණා තිබේද එසේත් නැත්නම් කුමන කාරණයක් සඳහා භාවිතා කර තිබේද යන්න පුළුල් විමර්ශනයක් සිදු කරන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
එමෙන්ම සැකකරු සිදු කළ ක්‍රියාවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කියා සිටි පොලිසිය සැකකරු සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන වලින් වාර්තාවක් කැඳවීමට පියවර ගත් බවද අධිකරණයට දැන්වූවා.
සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් සිදු කරමින් දන්වා සිටියේ සැකකරු තම වයෝවෘද්ධ මව රැක බලා ගන්නා බවයි.
සැකකරු රිමාන්ඩ් බාරයට පත් වුවහොත් මව අසරණ වන බවත් සුදුසු ඇපයක් මත සැකකරු මුදා හරින ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සනත් අබේසේකර වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මංජුලා කලුපහන අධිකරණයට දන්වා සිටියේ, අගතියට පත්ව සිටින්නේ මෙරට සිටි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් බවත් ඔහු මහින්දාගමනය, මහරජ , අජාසත්ත වැනි ඉහළ සංස්තකෘතික උරුමයන් ඇති චිත්‍රපට රටට දායාද කළ අයෙක් වන අතර සැකකරු චිත්‍රපට අධ්‍යක්ෂක සනත් අබේසේකරගේ නාමය බරපතල ලෙස අවභාවිතා කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකස් කළ මුදල් වංචා කර තිබෙනවා. අගතියට පත් ප්‍රමාණය මේ වනවිට 50 වැඩියි.” යනුවෙන් පැවසූවා.
මෙලෙස අන් අයගේ නාමයන් භාවිතා කරමින් ගිණුම් සකස් කිරීමට අදාළව විධිමත් විමර්ශනයක් සිදු කර අධීකරණයට වාර්තාවක් ගොනු කරන ලෙසත් එම පුද්ගලයා භාවිතා කළ බව කියන සනත් අබේසේකර මහතා නමින් ඇති ව්‍යාජ ගිණුම් වලට ඔහුට නැවත යා නොහැකි සේ අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගෙන සකස් කර අධිකරණයට වාර්තාවක් ගොනු කර ලෙසත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරමින් පොලීසියට නියෝග කළා.














