ප්‍රපාතයකට යන්න ගිය ජීවිත 28ක් අනූ නවයෙන් බේරුණු අනතුර

නුවරඑළියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයේ දී මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතරවීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගොස් තිබෙනවා.

වලපනේ පොලිසිය පැවසුවේ නුවරඑළිය – වලපනේ ප්‍රධාන මාර්ගයේ වලපනේ, මහ ඌව ප්‍රදේශයේ දී ඊයේ (28) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

යාපනයේ සිට නුවරඑළියේ සංචාරයක් සදහා පැමිණි පුද්ගලයින් 28 දෙනෙකුගෙන් සමන්විත බස් රථයක් ආපසු යාපනය දක්වා ගමන් කරමින් තිබිය දී මෙම අනතුර මුහුණ පා ඇති බවයි.

බස් රථය ධාවනය කරවන අවස්ථාවේ එහි තිරිංග පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඉදිරියට ඇදී ගොස් ආරක්ෂිත පස් බැම්මේ වැදී නතර වී තිබෙනවා.

අධික බෑවුමක් සහිත එම මාර්ගයේ මහ ඌව වංගුව ප්‍රදේශයේ මීට පෙර ද රිය අනතුරු ගණනාවක් සිදු වූ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අධික බෑවුම් සහිත ස්ථානවල පස්වලින් ආරක්ෂිත බැමි ඉදිකර තිබීම නිසා මෙම බස් රථය
මාර්ගයෙන් ඉවතට පැන පස් කන්දේ ගැටී ප්‍රපාතයට පෙරළී නොගොස් නතර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
5
+1
0
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?